Thursday, December 26, 2013

ප්‍රචාරනයේ අනෙක් පස - advertising

ප්‍රචාරනයේ අනෙක් පස

 පාසලේ හතරවැනි වසරේ ඉගෙන ගන්නා වෙනුජ තම මව සමග නිවසට යන අතරතුරදී නොයෙකුත් වර්ගයේ අතුරු ආහාර ගැනීමට පුරුදුව සිටියේය. කුඩා වෙනුජගේ මව ස්වයං රැුකියාවක් වශයෙන් ඇඳුම් මැසීමේ නිරත වූ අතර ඇගේ සැමියා රොෂාන් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කළේය. මොවුන් අර්ධ නාගරික ප‍්‍රදේශයක ජීවත් වූ අතර වෙනුජගේ මව රශ්මි තම පුතාගේ දෛනික ආහාර සඳහා ගෙදරදීම විවිධ කෑම වර්ග සූදානම් කොට යැව්වාය. නමුත් ඇතැම් දිනවලදී තම රෙදි මැසීමේ කටයුතු කාර්යබහුල වීමත් සමග ඇය පුතාගේ ආහාර වේල සඳහා මුදල් ලබාදීමට පෙළඹුණාය. මෙසේ තම මවගෙන් මුදල් ලබා ගන්නා වෙනුජ පාසලේ ආපන ශාලාවෙන් හෝ මඟතොටේදී හමුවන කඩයකින් කෙටි කෑමක් ගැනීමට පුරුදු විය. මෙසේ කාලයක් ගත වනවිට කුඩා වෙනුජගේ ශාරීරික ක‍්‍රියාකාරිත්වයත්, මානසික සහනයත් ගිලිහී යෑම ආරම්භ විය.

                           දරුවාගේ ආහාර අවශ්‍යතාව සකසා ගැනීමේ අරමුණෙන් රශ්මි සහ රොෂාන් සුපිරි වෙළෙඳසල්වලින් නොයෙකුත් කෑම වර්ග රැුගෙනවිත් ශීතකරණයේ ගබඩා කර තැබීමට පුරුදු වූහ. කුඩා වෙනුජ පාසලෙන් පසු අමතර පන්තිවලට සහභාගි වන අතර ඒ අතරතුර එක් සමාගමක අධිවිටමින් සහ ඛනිජ ලවණ ඇතුළත් යැයි සැලකෙන (ප‍්‍රචාරය කරන ලද) යෝගට් වර්ගයක් දිගින් දිගටම කෑමට පුරුදු විය. මේ පුරුද්ද අප පෙර කී ඔහුගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය පිරිහීමට හේතු විය. දිගින් දිගටම මෙම යෝගට් වර්ගය ආහාරයට ගැනීම ඇබ්බැහියක් වූ අතර මෙම ඇබ්බැහිය හරහාම වෙනුජගේ පාසල් ගමන කඩාකප්පල් වූයේ නිතර නිතර රෝගී වීමත් සමග නිවසේ නැවතීමට සිදු වූ නිසාය.
                                     
                        මෙම තත්ත්වය හේතුවෙන් වෙනුජගේ මවුපියෝ ඔහුව වෛද්‍යවරයෙක් වෙතට රැුගෙන ගියහ. මෙසේ රැුගෙන ගිය පසු වෛද්‍යවරයාට වෙනුජගේ මවුපියන්ගෙන් වැඩි තොරතුරු ලබාගත නොහැකි විය. නමුත් වෙනුජ සමග කතාබහ කිරීමේදී කාලයක සිට ඔහු යම් සමාගමක නිපදවන යෝගට් වර්ගයට ඇබ්බැහි වූ බවට හෙළි විය. මෙම ඇබ්බැහි වීම සමග ඔහුගේ උදරයේ වේදනාවක් මතු වී ඇත. වෛද්‍යවරයා වෙනුජගෙන් මෙම යෝගට් වර්ගයට ඇබ්බහි වීමට හේතුව කුමක් දැයි විමසූ විට කුඩා වෙනුජ කීවේ මෙවන් කතාවකි.
                                 ‘ටී.වී. එකේ යනකොට එයාලා (යෝගට් නිපදවන සමාගම) කියනවා ඇ`ගට  ඕනෙ විටමින් ලැබෙනවා කියලා. එහෙම වුණහම  ඕනෙම තරගයකින් දිනන්න පුළුවන් කියලා. ඒක මට යාළුවෝ ගොඩක් කිව්වා. ඉතින් මම දිගටම යෝගට් කෑවා. එතකොට මගෙ ඇඟත් ගොඩාක් ශක්තිමත් වෙලා මටත් තරග ගොඩකින් දිනන්න පුළුවන් වෙයි කියලා’ වෙළෙඳ ප‍්‍රචාරණ උගුලකට හසු වූ කුඩා වෙනුජ මාස ගණනාවක් අඛණ්ඩව තම උදරාබාදයට ප‍්‍රතිකාර ලබා ගත්තේය. ඔහු මෙසේ තම ශරීරය වර්ධනය කර ගනිමින් තරගවලින් ජයග‍්‍රහණය කිරීමේ අරමුණ ඇති කරගෙන ඇත්තේ රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්වලින් ප‍්‍රචාරය කෙරුණු යෝගට් සමාගමේ දැන්වීමක් නිසාය. මේ අප හට අසන්නට ලැබුණු මෙවන් කතා අතුරින් එකක් පමණි. මෙම දැන්වීමේදී එම යෝගට් වර්ගය ආහාර ලෙස ලබාගත් පසු සිරුර සවිබල ගැන්වෙන බවත් විටමින් වර්ග සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථය හේතුවෙන් මොළය වර්ධනය වන බවත් ප‍්‍රචාරණය කරයි. මෙවන් වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීම හරහා වෙනුජ වැනි දරුවන් දහස් ගණනක් මිථ්‍යාව විශ්වාස කරමින් තම ජීවිත පවා අනතුරේ දමා ගනියි. මෙම තත්ත්වය මෙන්ම සමස්ත වෙළෙඳ දැන්වීම් කලාවම පත්ව ඇති මුළාවෙන් ගලවා ගැනීමේ අරමුණු ඇතිව රෙගුලාසි මාලාවක් ලබන අපේ‍්‍රල් මාසයේ සිට ගෙනඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

                                            නව ගැසට් පත‍්‍රයක් මඟින් වෙළෙඳ දැන්වීම් තුළ ප‍්‍රදර්ශනය කරනා මූලිකාංග පිළිබඳත් වෙළෙඳ ප‍්‍රචාරණ ක‍්‍රමවේදය පිළිබඳත් මෙම නව නීති ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මෙය නව ගැසට් පත‍්‍රයක් නොවන අතර මීට පෙර 1993දී වෙළෙඳ දැන්වීම් පිළිබඳ පැවැති රෙගුලාසි අලූත් කිරීමකි. 2003 වර්ෂයේදීද ආහාර පිළිබඳ නව රෙගුලාසියක් රැුගෙන ආ අතර එයද ක‍්‍රියාත්මක නොවූවත් පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සහ ආහාර පාලන අධිකාරිය එක්ව සංවිධානය කළ වැඩමුළුවකදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡුාවට බඳුන් විය.
නව නීති පැමිණීමත් සමග ආහාර නිෂ්පාදකයන්ට සහ ඖෂධ නිෂ්පාදකයන්ට වඩාත් වගකීම් සහගතව මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට සිදුවෙයි. ඒ අනුව ආහාර හෝ ඖෂධ ඇසුරුම් කිරීමේදී මෙන්ම ඒවා වෙළෙඳ ප‍්‍රචාරණය කිරීමේදීද මේ රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අනිවාර්යය සාධකයකි. මෙසේ දැන්වීම් සඳහා රෙගුලාසි පැනවීමට කි‍්‍රයාකිරීම මෙරට ආරම්භ වූයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි හරහාය. මෙලෙස හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අනුකූල වන පරිදි රෙගුලාසි පළකිරීම හරහා හෝ වෙළෙඳපොළෙහි පවතින ව්‍යාජ දැන්වීම් මාෆියාව යම් තරමකින් හෝ පාලනය කළ යුතුය.

දරුවන් උදෙසා දැන්වීම්කරණය

1999 වර්ෂයේදී ලොව පුරා කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූයේ වයස අවුරුදු අටට අඩු දරුවන් කිසිදු තර්කයකින් තොරව වෙළෙඳ දැන්වීම් පිළිගැනීමටත් අනුකරණයටත් ක‍්‍රියාකරනා බවයි. ලෝකය පුරා ළමයාගේ වයස් සීමාව නිවැරැුදි ලෙස නිර්ණය කර නොමැත. ඇමෙරිකාව තුළ පූර්ව ළමාවිය ලෙස වයස අවුරුදු අට දක්වා වයස් කාණ්ඩය නම්කර සිටියි. වෙළෙඳ දැන්වීම්වල බලපෑම පිළිබඳ කතා කිරීමේදී වයස ‘අවුරුදු දොළහ’ යන සීමාව බලපෑම් කළ හැකි වයසක් වශයෙන් සම්මත පිළිගැනීමට ලක්ව තිබේ. ඇමෙරිකාව තුළ පමණක් වසරකට ඩොලර් බිලියන 1.6කට අධික මුදලක් ළමුන් උදෙසාම වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය කිරීමට වෙන් කරයි.

                                     මෙරට වෙළෙඳ දැන්වීම් ළමුන්ට බලපාන ආකාරය පිළිබඳ සබරගමු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු යුවළක් වන ජේ. ආර්. එස්. පී. සමරවීර සහ කේ. එල්. එන්. සමන්ති සිදුකළ සමීක්ෂණය වැදගත් වෙයි.ඔවුන් දෙදෙනා එකතුව ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී දැන්වීම්කරණය සහ ළමුන්ගේ ආහාර පරිභෝජනය යන මාතෘකාව යටතේ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල සහ ගාල්ල  ඕල්සෙන්ට්ස් පිරිමි පාසල පාදක කරගෙන සමීක්ෂණය පවත්වා ඇති අතර මේ සඳහා ඉහත නම් කළ පාසල් දෙකෙන් වයස අවුරුදු 9 සිට 14 දක්වා දරු දැරියන් සියදෙනෙක් සහභාගි කරගෙන ඇත.ඔවුන්ගේ සමීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් අප රටේ දරුවෙක් හෝ වැඩිහිටියෙක් මාධ්‍ය 11ක් ඔස්සේ වෙළෙඳ දැන්වීම්වලට විවෘත වෙයි. එම මාධ්‍ය වන්නේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, සඟරා, පෝස්ටර්, දැන්වීම්, අත්පත‍්‍රිකා, වෙළෙඳ ප‍්‍රචාරණ කුටි, සිනමාපට, වීඩියෝ මාධ්‍ය සහ ඡුායාරූපයි. මොවුන්ගේ මාධ්‍ය තුළට හසුනොවූ අන්තර්ජාලයද අද වනවිට වෙළෙඳ ප‍්‍රචාරණයේදී බහුලවම භාවිත වන ක‍්‍රමවේදයක් බවට පත්ව ඇත. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ නිවැසියන්ගෙන් 85%කට පමණ රූපවාහිනී තිබෙන අතර මේ හරහා බොහෝවිට සන්නාමවලට ආකර්ෂණය වීම නිතැතින්ම සිදුවෙයි. මෙම සමීක්ෂණවලදී අනාවරණය වූ කරුණු කිහිපයකි.

⋆ කෙටි ආහාර පිළිබඳ ප‍්‍රචාරණ වර්ධනය වීම
⋆ ළමා වැඩසටහන් පවතින වේලාවන්හිදී වැඩිවශයෙන් ආහාර දැන්වීම් විකාශය
⋆ බොහෝ දුෂ්කර ප‍්‍රදේශවලට සුපිරි වෙළෙඳසල් පැතිරීයාම හරහා වෙළෙඳ සන්නාම මහජනතාව අතරට යාම
⋆ පාසල් දරුවන්ගේ දිවා ආහාර උදෙසා මවුපියන් මුදල් ලබාදුන් පසු ඔවුන් ආහාරයට ලබාගන්නේ කුමක්දැයි මවුපියන් සොයා නොබැලීම
⋆ ආහාර, රසකැවිලි සහ සත්ව නිෂ්පාදන සඳහා ප‍්‍රචාරණය වර්ධනය වීම
යන කරුණු විශේෂ වෙයි.

                        මෙසේ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය රට තුළ වේගවත් වීම ඔස්සේ ජනතාව කෙටි ආහාරවලට සහ කලින් සූදානම් කරන ලද ආහාරවලට වැඩි වශයෙන් පෙළඹී ඇත. පසුගිය කාලයේදී මෙරට බෝ නොවන රෝග මට්ටම ඉතා ඉහළ අගයකට පිවිසියේය. විශේෂයෙන් දියවැඩියාව, කොලොස්ට්‍රෝල් සහ හෘදයාබාද ඇතිවීම වඩාත් ඉහළ අගයක් ගත්තේය. මීට ප‍්‍රධාන හේතුවක් වශයෙන් වෙළෙඳ දැන්වීම්වල බලපෑම දැක්විය හැකිය. අද වනවිට දරුවන් අතර දියවැඩියාව කොලොස්ට්‍රෝල් සහ අධික ලෙස තරබාරුවීම රෝගී තත්ත්වයක් වශයෙන් වර්ධනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නව රෙගුලාසි ගෙන ඒම ඔස්සේ වෙළෙඳ දැන්වීම්වලට යම් වාරණයක් ඇතිවීම අනිවාර්යයෙන් සිදුවිය හැකි නමුත් වෙළෙඳ දැන්වීම්වල ප‍්‍රමිති පිළිබඳ ගැටලූ කිහිපයක් පවතියි.
1* දරුවන් යොදාගනිමින් දැන්වීම් නිර්මාණය කිරීමට වාරණ පැනවීම
2* කාන්තාවන් සම්බන්ධයෙන් දැන්වීම් නිර්මාණයේදී රෙගුලාසි ඇතුළත් කිරීම
3* ආගමික/ සංස්කෘතික සීමා නිර්ණය කිරීම
4* වැරැුදි තොරතුරු ඇතුළත් දැන්වීම් තහනම් කිරීම
5* සංවේදීතාව අධික දැන්වීම් වාරණය
6* කුඩා දරුවන් උදෙසා දැන්වීම් නිර්මාණය/ ප‍්‍රවර්ධනය තහනම් කිරීම
යන කාරණා ඉදිරියේදී නොසලකා බලා දැන්වීම්වලට නියාමනයක් ඇති කළ යුතුය. එසේ වුවහොත් රටේ සෞඛ්‍ය මෙන්ම සාමාජයීය තත්ත්වයටද යහපතක් සිදුවනු ඇත.


ලෝක ප‍්‍රවනතාව
ලෝක මට්ටමින් ගත්කල අප රට වෙළෙඳ දැන්වීම් සඳහා රෙගුලාසි පැනවීම් සම්බන්ධයෙන් සිටින්නේ ඉතා පහළ තත්ත්වයකය. ලෝක මට්ටමේදී මෙවන් ආහාර දැන්වීම්වලට රෙගුලාසි දැමීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ඇමෙරිකාව සිටින්නේ අප රටට ළංවිය නොහැකි තරම් දියුණු මට්ටමකය.ඔවුන් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද ක‍්‍රියාත්මක කරන නිීතිරීති විශාල ප‍්‍රමාණයකි.වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රෙගුලාසි රැුසක් අර්ථ දක්වා ඇත. මේවා නීති සහ රීති වශයෙන් පැවතීම සුවිශේෂීය. උදාහරණයක් වශයෙන් ඇතැම් වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය කළ හැක්කේ එක් ප‍්‍රදේශයක පමණි. එසේම ඇතැම් නීති හා රීති ඔස්සේ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කරනා කාලය, ස්ථානගත කිරීම මෙන්ම අන්තර්ගතය පිළිබඳ නීතිරීති පනවා ඇත. බොහෝ සමාජ සංස්ථා ඔවුන්ටම ආවේණික ක‍්‍රමවේද මත වෙළෙඳ දැන්වීම් පිළිබඳ රෙගුලාසි ඇති කිරීමට ක‍්‍රියාකර ඇත. විශේෂයෙන් බාහිර ප‍්‍රචාරණ දැන්වීම සඳහා දැඩි නීතිරීති ක‍්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර ඇත. එමෙන්ම ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යය ගෘහාශ‍්‍රිත දරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරනා වෙළෙඳ ප‍්‍රචාරණ තහනම් කර තිබේ. එසේම ඇතැම් යුරෝපීය රටවල දරුවන් සහභාගිවන වැඩසටහන් තුළ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය කිරීම නීතියෙන් තහනම් කර ඇත. මහා බි‍්‍රතාන්‍ය තුළ දුම්කොළ දැන්වීම් රූපවාහිනී මාධ්‍ය තුළ සහ ක‍්‍රීඩා පැවැත්වෙන ක‍්‍රීඩා භූමි තුළ ප‍්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ. එසේම මත්වතුර නිෂ්පාදිත සමාගම් යම් අවස්ථාවක් සඳහා ප‍්‍රචාරණ කටයුතු කිරීමේදී ඔවුන්ට මාධ්‍ය ඔස්සේ තම සමාගමේ තොරතුරු පිළිබඳ සාකච්ඡුා කිරීම තහනම් කර ඇත්තේ ප‍්‍රචාරණය වැළැක්වීමේ ක‍්‍රමවේදයක් වශයෙනි. ඇමෙරිකාව තුළ ෆෙඩරල් ටේ‍්‍රඞ් කොමිෂන්  හරහා වෙළෙඳ දැන්වීම් පාලනයට ලක්කරන අතර මහා බි‍්‍රතාන්‍යය තුළ ‘ඇඞ්වර්ටයිසින් ස්ටෑන්ඩර්ඞ් ඔතෝරිටි’ හරහා මෙම කටයුත්ත සිදු කරයි.
මහා බි‍්‍රතාන්‍ය තුළ පොදු ස්ථානයක වෙළෙඳ දැන්වීමක් (පෝස්ටර්) ප‍්‍රදර්ශනය කළහොත් අදාළ සමාගමෙන් එක් පෝස්ටරයක් සඳහා පවුම් 2500ක දඩ මුදලක් ලබාගනියි. මෙසේ දඩ මුදල් ලබාගැනීම ඔස්සේ බලාපොරොත්තු වන්නේ අනවශ්‍ය තොරතුරු සමාජගත වීම වළක්වාලීමයි.2006 වර්ෂයේදී බි‍්‍රතාන්‍ය වෙළෙඳ දැන්වීම් පිළිබඳ රෙගුලාසි කිහිපයක් ප‍්‍රකාශයට පත් කළේය. එම රෙගුලාසි යටතේ වයස අවුරුදු දහසයට අඩු ළමුන් සඳහා දැන්වීම් නිර්මාණය කිරීම අවම කිරීම මෙන්ම වෙළෙඳ දැන්වීම් උදෙසා දරුවන් යොදාගැනීම සම්බන්ධ නීතිරීතිද ඇතුළත් කරන ලදී. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මෙරට ක‍්‍රියාත්මක වන නීති රෙගුලාසි අවම වශයෙන්වත් ක‍්‍රියාත්මක නොවන බවයි.

දරුවන් සඳහා වෙළෙඳ දැන්වීම් නිර්මාණය සහ දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගැනීම සේම කාන්තාවන් වෙළෙඳ දැන්වීම්වලට යොදා ගැනීම සම්බන්ධ නීතිරීතිද යුරෝපා සංගමය අනුමත කරන ලදී. යුරෝපා සංගමයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව වෙළෙඳ දැන්වීම් ඔස්සේ කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳ අධ්‍යයනය කර නීතිරීති පළකොට තිබෙන අතරම 2004 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ හතරවැනි ලෝක සම්මේලනයේදී හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙළෙඳ ප‍්‍රචාරණය සම්බන්ධ කාන්තාවන් යොදාගැනීම පිළිබඳ අවධානය යොමු කර විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කළාය. එහිදී ඇය අවධාරණය කළේ දැන්වීම්කරණය සම්බන්ධව කාන්තාවන්ට නිසි ගරුත්වය ලබාදීමට කටයුතු කළ යුතු බවයි.2008 වර්ෂයේදී තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය, බි‍්‍රතාන්‍යය අනුගමනය කළ වෙළෙඳ දැන්වීම් පිළිබඳ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. එමෙන්ම ගිය වර්ෂයේදී (2012* ඉන්දීය විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව දැඩි පියවරක් ගත්තේය. එනම් රූපවාහිනී දැන්වීම් පළකිරීම පැයකට මිනිත්තු 12කට සීමා කිරීමයි. මෙම මිනිත්තු දොළහෙන් මිනිත්තු දෙකක් ආයතනයේ වෙළෙඳ දැන්වීම් උදෙසාත් ඉතිරි මිනිත්තු 10 වාණිජ දැන්වීම් උදෙසාත් වෙන්කළ යුතුය.
ලෝක මට්ටමේ වෙනත් රටවල තත්ත්වය එසේ වෙද්දී මෙරට වෙළෙඳ දැන්වීම් නියාමනය කිරීම උදෙසා නිවැරැුදි ක‍්‍රමවේදයක් ඇති කිරීම මෙතරම් ප‍්‍රමාද ඇයිද යන්න ගැටලූවකි.

(2013 January 27 RANDIWA NEWS PAPER)

Thursday, November 21, 2013

CHOGM Youth forum

පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය

පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට සමගාමීව පවත්වන සමුළු අතර තරුණ සමුළුවට විශේෂ තැනක් හිමි විය. ප‍්‍රධාන සම්මේලන තුනෙන් එකක් වන තරුණ සමුළුව ආරම්භ වූයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මෙම තරණ හමුව ලබන වර්ෂයේදී මෙරට පැවැත්වීමට නියමිත ලෝක තරුණ සමුළුවට යම් පූර්ව සූදානමක් ලෙසද භාවිතයට ගත හැකි වුවත් එය නිසි පරිදි අපගේ වාසිය සහ පහසුව උදෙසා යොදා ගත්තා දැයි ගැටලූ සහගතය. මෙවර තරුණ සමුළුවේදී විශේෂ කාරණා කිහිපයක් ඉටු වූ බව මනාව විද්‍යමාන විය. විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය පිහිටුවීම කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි. මෙම සම්මේලනය පිහිටුවීම හරහා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල තරුණ තරුණියන් හට අනාගතයේදී එකට එකතුව විශාල ක‍්‍රියාකාරකම්වලට එළැඹිය හැකිය. නමුත් ලෝක මට්ටමින් ගත් විට මෙවර පැවැත් වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේදී අත්‍යවශ්‍ය කාරණා පිළිබඳ සාකච්ඡුාවට බඳුන් වී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. විශේෂයෙන් රටවල් රැුසක මේ වනවිට කතාබහට ලක්වන ලිංගික වෙනස්කම් පිටුදැකීම යන  මාතෘකාව පිළිබඳ අවධානයක් යොමු නොකළ බවට වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කළ තරුණ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳද ගැටලූ පවතියි. දෙස් විදෙස් තරුණ පිරිස් වෙනුවෙන් වේදිකාගත කරන ලද සංස්කෘතික ප‍්‍රසංගය පිළිබඳවද යමක් පැවසිය යුතුය. කුසලතා සහිත දරුවන්  ඕනෑ තරම් සිටියදී තෝරා ගත් එක් පෞද්ගලික පාසලකින් පමණක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි කරවාගෙන මෙම සංස්කෘතික උත්සව පවත්වා තිබුණි. එය හුදු න්‍යායාත්මක ක‍්‍රියාවක් බව පැහැදිලිව දක්නට ලැබුණේ මෙම පෞද්ගලික පාසලද දේශපාලකයකුගේ ඍජු සම්බන්ධතාවක් පවතින නිසාය.
                                                            කෙසේ වෙතත් මෙම සමුළුවේදී මාතෘකා අටක් පිළිබඳ පුළුල් වශයෙන් සාකච්ඡුාවට බඳුන් විය. මෙම මාතෘකා අට වන්නේ ‘තාරුණ්‍යයේ රැුකියා අවස්ථා ගුණාත්මක භාවයක් ඇති කිරීම, අධ්‍යාපනය අරමුණු උදෙසා ක‍්‍රියාත්මක වනවාද?, 2015 න්‍යාය පත‍්‍රය සඳහා තාරුණ්‍යය, යහපැවැත්ම සහ වර්ධනය, ප‍්‍රතිසන්ධානය සහ එකමුතුව, තාරුණ්‍යයේ ක‍්‍රියා වෘත්තිය භාවයකට පත්කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව, ලිංගිකත්වය සහ ප‍්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් යන මාතෘකා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට බඳුන් විය. මෙම තරුණ සම්මේලනය සඳහා දේශීය වශයෙන් තරුණ තරුණියන් 45ක් සහභාගි වී සිටි අතර විදෙස් රටවල් 53ක් නියෝජනය කරමින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේදී සිදු වූ සුවිශේෂීම කාර්ය ලෙස හැඳින්විය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය පිහිටුවීමයි. මෙහිදී මූලාසනය එනම් සභාපති ධුරය නයිජීරියාවේ අහමඞ් අඩමු  වෙත හිමි විය. මෙම කවුන්සිලයේ සාමාජික සංඛ්‍යාව නවයක් වන අතර ඉන් හතර දෙනෙකුම ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම සුවිශේෂී කාරණයකි. මෙම සමුළුවේ උපසභාපතිවරු වශයෙන් මෙරට නියෝජනය කරමින් සදම් සාර්ජහන්  සහ මොහොමඞ් හුසිනි  තෝරා පත් කර ගන්නා ලදී. එමෙන්ම මෙම කවුන්සිලයේ ආසියානු කලාපය නියෝජනය කරනා විශේෂ නියෝජිතවරිය වශයෙන් තාරිකා දිලීපනි පත් කර ඇත. එමෙන්ම විශේෂ කැමැත්තක් සහිත කණ්ඩායම උදෙසා වත්සලා සමරකෝන් තෝරා පත් කරගෙන ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ඉදිරි වර්ෂ දෙකක කාලය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේ වැඩි බලතල අප රටට හිමිව ඇති බවයි. නමුත් ගැටලූව පවතින්නේ මෙම වරප‍්‍රසාද කුමන ආකාරයෙන් භාවිතයට ගනීද යන්න මතය. මෙම සමුළුව ලංකාවේ පැවැත්වීම හරහා මෙරට තරුණ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් රැුසකට නව අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීමද විශේෂත්වයකි. එය හුදු අත්දැකීමක් පමණක් බවට පත් කර නොගෙන අනාගතය සඳහා යහපත් ආකාරයට යොදා ගැනීමට ක‍්‍රියා කළ යුතු වීම ඔවුන්ගේ වගකීමකි.

Saturday, October 12, 2013

ශී‍්‍ර ලංකාවට භූ කම්පන අනතුරක්


භූමිකම්පා පිළිබඳ යළිත් කරළියට පැමිණ තිබේ. ඊට ආසන්නතම හේතුව ලෙස හැඳින්විය හැක්කේ පසුගිය 26 වැනි දා රිච්ටර් මාපකයේ 3.6ක භූමිකම්පනයක් අප රටේ ප‍්‍රදේශ කිහිපයකට දැනීමයි. මෙලෙස භූමිකම්පනයේ අත්දැකීම ලැබුණු පළාත් වන්නේ කොළඹ, බදුල්ල, නුවරඑළිය සහ අම්පාර යන ප‍්‍රදේශවලය. ඊට පෙරද සුළු භූමිකම්පන තත්ත්වයක් වාර්තා වූ බවට තොරතුරු දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා විය. ඒ අනුව මේ වනවිට අප රටටද භූමිකම්පා පිළිබඳ අනතුරුදායක තත්ත්වයකට පවතින බව අනුමාන කළ හැකියි. එසේ යම් ආකාරයක දිගින් දිගටම භූමිකම්පා අප රටට දැනීමට ගතහොත් ඒ සඳහා ක‍්‍රමෝපායන් ගැනීමට ඉක්මන් විය යුතු වෙයි. එසේ නොවුණහොත් සිදු වන්නේ අප එතෙක් මෙතෙක් අත් නොවිඳි පාරිසරික, ආර්ථික හා සමාජ විනාශයක් සිදුවීමයි. එය හයිටියේ මෙන් හෝ ජපානයේ සිදුවුණාක් මෙන් විය හැකිය.

පෘථිවි තලය තැටි 13කට වෙන්වී ඇති අතර අප සිටින්නේ එම තැටි තුනක් අසලය. ඒවා නම් ඉන්දියානු තලය, නිරිත දෙසින් අප‍්‍රිකානු තලය හා  ඕස්ටේ‍්‍රලියානු තලයයි. මීට අමතරව ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිතව නව සාගර තැටියක් නිර්මාණය වෙමින් පවතියි. මේ අනුව මෙම නව තැටියේ නිර්මාණය පිළිබඳ භූ විද්‍යාඥයන් විසින් සිය අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු කාලය එළැඹ ඇත.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව වසරකට ලොවපුරා සිදුවන භූමිකම්පන ප‍්‍රමාණය ලක්ෂ 14 ඉක්මවයි. ඒ අතරින් රිච්ටර් පරිමාණයේ 5ට අඩු භූමිකම්පන ප‍්‍රමාණය ලක්ෂ 13කට අධික වෙයි. විශාල විනාශ සිදුකළ හැකි මට්ටම හෙවත් රිච්ටර් මාපකයේ අංශක 5ට ඉහළ අගයක් ගන්නා භූමිකම්පා 1469ක් පමණ වාර්ෂිකව සිදුවන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙයි.

මින් පැහැදිලිවන්නේ ලෝකයේ කොහේ සිටියත් ඔබ යම් භූමිකම්පන තත්ත්වයකට විවෘත බවයි. බොහෝ භූමිකම්පන අපට දැනෙන්නේවත් නැත. නමුත් රිච්ටර් මාපකයේ අංශක තුනකට අධික භූමිකම්පාවක් සිදුවූවිට එහි කම්පනය සාමාන්‍ය ප‍්‍රමාණයෙන් දැනේ. අපට 26 වැනි දා අත්විඳීමට ලැබුණේ එවැනි රිච්ටර් මාපකයේ අංශක 3.6ක අගයක් සටහන් වූ භූමිකම්පනයකි. මීට පෙර අපේ‍්‍රල් මස 11 වැනි දා ජාවා සුමාත‍්‍රා ප‍්‍රදේශයේ සිදු වූ රිච්ටර් මාපකයේ අංශක 8.9ක් ලෙස සටහන් වූ විශාල භූමිකම්පනයේ කම්පනය අප රටේ ප‍්‍රදේශ ගණනාවකට අත්විඳීමට ලැබුණි. ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ඇතැම් ගොඩනැගිලිවල භූමිකම්පාවේ කම්පනය හේතුවෙන් වීදුරු ජනෙල්, දොරවල් පවා බිඳී ගිය අයුරු දක්නට ලැබුණි. මීට පෙර 2010 වසරේ මාර්තු 14 වැනිදා රිච්ටර් මාපකයේ 6.0ක් ලෙස වාර්තාවූ භූමිකම්පනයක කම්පනය අපට අත්විඳීමට ලැබුණි. නමුත් මෙම භූමිකම්පන තුනෙන් සැලකිය යුතු හානියක් අප රටට සිදු නොවීම භාග්‍යයට කරුණකි.

අපට මුහුණ දීමට සිදුවූ විශාලතම ස්වාභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 වැනි දා ජාවා සුමාත‍්‍රා ප‍්‍රදේශයේ හටගත් භූමිකම්පනය හේතුවෙන් ඇතිවූ සුනාමියයි. එම සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙරට පුද්ගලයන් 30,196ක් මියගිය බව නිල වාර්තාවලින් පෙන්වා දී ඇත.

අප රටට ඇතිවූ සුනාමියත් සමග භූමිකම්පා හා සුනාමි තත්ත්ව පිළිබඳ යම් අවධානයක් යොමු කිරීමට රජයට සිදුවිය. ඒ අනුව සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථාන පිහිටවු අතර පැසිෆික් සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ වූයේ පෙර දැනුම්දීම් සිදු කිරීමටය. නමුත් ගැටලූව වී ඇත්තේ අප අපේක්ෂා කළ යුත්තේ සුනාමි තත්ත්වයක් පමණක්ද යන්නයි. මක් නිසාද මේ වනවිට භූමිකම්පා තත්ත්වයන් කිහිපයක්ම අප රටට දැනී ඇති නිසාය. නමුත් අප රටේ බලධරයන් මෙම අතිශය භයානක තත්ත්වය පිළිබඳ නෑසූ කන්ව සිටීම බරපතළ ගැටලූවකි.

අපට පසුගිය අපේ‍්‍රල් 11 වැනි දා සුනාමියක බිය යළිත් දැනුණේ නමුත් එදින පවා මෙරට සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානවලින් සැලකිය යුතු තරම් මෙහෙයක් සිදුවූයේ නැත. ජනතාව අතර පණිවුඩය ගලා ගියේ ජනමාධ්‍ය හරහාය. සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දෙන ආකාරයේ පෙර පුහුණුවීම් ගණනාවක්ම පසුගිය කාලයේ මුහුදුබඩ ප‍්‍රදේශ තුළ සිදු කළ අයුරු අපට දක්නට ලැබුණි. නමුත් අප තවමත් භූමිකම්පා පිළිබඳ කිසිදු ආකාරයක අවධානයක් යොමුකර නැත.

අඩුම තරමේ හදිසි භූමිකම්පනයක් ඇති වුවහොත් විශාල පිරිස් ගැවසෙන රෝහල්, පාසල්, කාර්යාල ආදී ස්ථානවල හදිසි පිටවීමේ දොරටුවක් හෝ සකස් කර නොමැත. හදිසි ආපදා කිය කියා පැමිණෙන ඒවා නොවන බැවින් ඒවා සඳහා සූදානම් වීම ඉතා ඉක්මනින් කළ යුතුවෙයි. පසුගිය 29 වැනි දා ඉතාලියේ රිච්ටර් පරිමාණයේ ඒකක 5.8ක ප‍්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් සහ ඒකක 5.1 සහ 5.4ක ප‍්‍රමාණයේ පසුකම්පන දෙකක් වාර්තා විය. මෙම භූමිකම්පන හේතුවෙන් උතුරු ඉතාලියේ ගොඩනැගිලි රැුසක් විනාශ වූ අතර පුද්ගලයන් 16 දෙනකු මියගිය බවට වාර්තා විය. ඉතාලියේ සිදුවූ මෙම භූමිකම්පනය හේතුවෙන් නිවාස අහිමිවූ සංඛ්‍යාව 14,000 ඉක්මවන බව ගණන් බලා ඇත. ඉතාලිය යනු භූමිකම්පනවලට හුරු පුරුදු රටක් වුවද ඔවුන්ටද තම ජනතාව සියයට සියයක්ම ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත. මෙවැනිම තත්ත්වයක් 2010 ජනවාරි 12 වැනි දා හයිටි රාජ්‍යයෙන් වාර්තා විය. හයිටියේ හටගත් රිච්ටර් පරිමාණයේ ඒකක 7.0ක විශාලත්වයෙන් යුත් භූමිකම්පනයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,22,570ක් ලෙස වාර්තා විය. නමුත් එම වසරේ අපේ‍්‍රල් 27 වැනි දා චිලී රාජ්‍යයට බලපෑ රිච්ටර් පරිමාණයේ ඒකක 8.8ක විශාලත්වයෙන් යුත් භූමිකම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූයේ 432ක් පමණි.

මෙහිදී මතු කළ යුතු වැදගත්ම කාරණය වන්නේ චිලී රාජ්‍ය සහ හයිටි රාජ්‍ය භූමිකම්පා කෙරෙහි ප‍්‍රතික‍්‍රියා දක්වන ලද ආකාරයයි. මෙම රටවල් දෙකෙහි සිදු වූ භූමිකම්පා හේතුවෙන් සිදුවූ ව්‍යසනයන් පිළිබඳ අධ්‍යයනය කරනා කැනඩාව නිකුත් කර තිබෙන සංසන්දනාත්මක සමීක්ෂණ වාර්තාවෙන් අප රටට ගත හැකි හා ක‍්‍රියාත්මක කළ හැකි ප‍්‍රායෝගික කාරණා රැුසක් පවතියි.
එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ චිලී රටෙහි සිදුවූ 8.8 භූමිකම්පනයෙන් ජීවිත හානි අවම වීමට ප‍්‍රධාන හේතුව ඔවුන් 1928 සිට භූමිකම්පනවලට ඔරොත්තු දෙන ආකාරයේ ගොඩනැගිලි ඉදිකර තිබීම බවයි. මේ වනවිට කොළඹ නගරාශ‍්‍රිතව මෙන්ම මහනුවර, ගාල්ල යන ප‍්‍රදේශවලද තට්ටු ගොඩනැගිලි කිසිදු ප‍්‍රමිතියකින් හෝ කිසිදු ආරක්ෂක ක‍්‍රමවේදයක් නොමැතිව ඉදිකර ඇති අයුරු දක්නට ලැබෙයි. නමුත් අප රටේ ඉදිරියේදී ඉදිකරනා ගොඩනැගිලි පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේ දැනට ඉදිකර ඇති ගොඩනැගිලි තුළ හදිසි අනතුරකදී පහසුවෙන් පිටවිය හැකි මාර්ග (ත්‍සරු ැංසඑැ*ඇති කළ යුතුය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ භූමිකම්පාවලින් හටගන්නා විනාශයන්ගෙන් වැඩි වශයෙන් අනතුරු සිදුවන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය කඩාවැටීම නිසා සහ එම ගොඩනැගිලි තුළ ගිනි ගැනීම් හේතුවෙන් බවයි. ගොඩනැගිලි කඩාවැටීම අවම කිරීම සඳහා ජපානය, නවසීලන්තය, චිලී රාජ්‍ය, ‘ඝර්ෂණ අවලම්බන’ ක‍්‍රමවේදය ගොඩනැගිලි සැකසීමේදී යොදාගනියි. මෙම ක‍්‍රමවේදය අනුව භූමිකම්පනයකදී ඇතිවන කම්පනයට ඔරොත්තු දෙමින් ගොඩනැගිල්ල ආරක්ෂා කිරීම ඝර්ෂණ අවලම්බනය මඟින් සිදුකරයි.
තවද භූමිකම්පන පිළිබඳ තර්ජනයක් පවතින රටක නිවාස ඉදිකිරීමේදී සැහැල්ලූ ද්‍රව්‍ය භාවිත කිරීම අනතුරු අවම කිරීමට ගත හැකි ප‍්‍රධාන ක‍්‍රියාවක් වෙයි. ජපානය මෙම ක‍්‍රමවේදය සාර්ථකව අනුගමනය කරයි. එමෙන්ම කාර්යාල ගොඩනැගිලි තුළ අංශ බෙදා වෙන් කිරීමේදී ලී හෝ කාඞ්බෝඞ් වැනි ද්‍රව්‍ය භාවිත කළ යුතුය. එමෙන්ම පාසල් සහ රෝහල්වල තට්ටු නිවාස සඳහා හදිසි පිටවීමේ මාර්ග කිහිපයක්ම යෙදීමෙන් හදිසි අනතුරු රැුසක් අවම කළ හැකිය.
රටවටා පවතින මහා පරිමාණ ජලාශ ව්‍යාපෘතීන් වන වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශද භූමිකම්පනයක් හේතුවෙන් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් විනාශ වී, මහත් විපතක්ද ඇතිවිය හැකිය රිච්ටර් පරිමාණයේ ඒකක 5.5ක් හෝ ඊට වඩා ඉහළ භූමිකම්පාවක් හට ගතහොත් මෙම මහාපරිමාණ ඇළ වේලී පුපුරා යාමේ අවදානමක් පවතියි. එලෙස මහාපරිමාණ ජලාශ විනාශයට පත්වුවහොත් ඒ අවට සහ පහත් බිම්වල සිටිනා ජනතාව ව්‍යසනයට පත්වනු ඇත. එවැනි තත්ත්වයක් මතුවුවහොත් මුහුණදීමට කටයුතු රජය යොදා තිබේද? සුනාමි පෙර පුහුණු පමණක් පවත්වා භූමිකම්පාවලට මුහුණ දිය නොහැකිය. මේ නිසා ඉදිරියේදී භූමිකම්පාවලට ඔරොත්තුදීමේ සහ ඊට
මුහුණදීමේ ක‍්‍රමවේදයක් සැකසීමට කාලය පැමිණ තිබේ.

ලෝකයේ භූමිකම්පන බහුලව පවතින රටවල් යම් හෙයකින් භූමිකම්පනයක් ඇති වුවහොත් ක‍්‍රියාත්මක කළ යුතු ක‍්‍රමවේදයක් සඳහන් කර ඇත.
⋆ පළමුව ලී බඩු හා වීදුරු ආශ‍්‍රිත ස්ථානවලින් වහාම ඉවත් විය යුතුය.
⋆ඔබේ නිවසේ හෝ කාර්යාලයේ පවතින නළ පද්ධතිවල කාන්දුවීම් නවතාගත යුතුය. විශේෂයෙන් විද්‍යුත් පරිපථ හා විද්‍යුත් සබඳතාවලට ජලය හෝ දියර කාන්දුවීමෙන් වළකාගත යුතුය.
⋆ඔබේ නිවසේ හෝ කාර්යාලයේ හදිසි පිටවීමේ දොරටු නිසි පරිදි ක‍්‍රියාත්මක වනවාදැයි බැලිය යුතුය.
⋆ එමෙන්ම භූමිකම්පා ඇතිවීමෙන් පසු ආපදාවනට ලක්වූ පිරිස පිළිබඳ නිවැරැුදි තොරතුරු හැකි ඉක්මනින් ලබාගත යුතුය.
⋆ භූමිකම්පා ව්‍යසනයකදී පසුකම්පන ඇතිවන බැවින් හානි සිදුවූ පෙදෙසකට යාමට පෙර සුපරීක්ෂාකාරී විය යුතුය.

මේ අනුව අපට පැහැදිලි වන්නේ ඉදිරියේ විපතක් සිදුවීමට බලා නොඉඳ ඊට ප‍්‍රතිකර්ම හා සූදානම්වීමයි.
මෙරට භූමිකම්න ඇතිවිය හැකි තත්ත්වයක් පවතිනවාද යන්න පිළිබඳ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ඒන්.පී. විජයානන්ද මහතාගෙන් අපි විමසා සිටියෙමු.
‘ඇත්තටම ලංකාවට ඉදිරියේදී භූමිකම්පන සිදුවන බවට අවදානමක් නැහැ. ලංකාව පිහිටා තිබෙන්නේ භූමිකම්පන සිදුවන තල මායිමෙන් බැහැරවෙයි.’
භූමිකම්පන පිළිබඳ පරීක්ෂණ සිදු කරන හන්තාන පොදු මූලික අධ්‍යයන ආයතනයේ භූ විද්‍යාඥ දිලීප් සුබසිංහ මහතාගෙන් අදහස් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

‘මෑතකදී වාර්තා වූ සුළු භූමිකම්පන තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි සුළු භූමිකම්පන තත්ත්වයක් තුළින් සිදුවන අවදානම අඩුයි. ඉදිරියේදී සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ පෙර අනාවැකි සිදු කළ නොහැකියි.
කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලින් රත්තරන් මතුවී ඇති අතර තවත් ස්ථානයකින් භූමිතෙල් හමුවී ඇත. මෙම ද්‍රව්‍ය පොළොවෙන් මතුවීම භූ මට්ටම් යම් කැළඹීමක් නිසා සිදුවූවාදැයි සොයා බැලීමට කාලය එළැඹ ඇත. ශ‍්‍රී ලංකාව අවට සිදුවන භූමිකම්පන හේතුවෙන් අප රටේද භූ ලක්ෂණ වෙනස් වී ඇතිදැයි පරීක්ෂණ කළ යුතු වෙයි. එමෙන්ම භූමිකම්පන පිළිබඳ තොරතුරු ලබාගැනීමට හෝ පර්යේෂණ සිදුකිරීමට අප සතුව පවත්නා උපකරණ ද ප‍්‍රමාණවත් වන්නේ නැත. ඇතැම් පර්යේෂණ උපකරණ භාවිතයට ගත නොහැකිය. මේ නිසා මෙම උපකරණ නවීකරණය කර නව උපකරණ ලබා ගැනීමද කඩිනමින් කළ යුතුය. එවිට මෙම සංසිද්ධිවල සම්බන්ධතාව නිරවුල් වනවා පමණක් නොව අනාගතයේ යම් ස්වාභාවික අනතුරකට ඇති අවදානමද අඩුවනු ඇත.
එමෙන්ම එය කල්තියා හඳුනාගැනීමට හැකිවනු ඇත.