පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය
පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට සමගාමීව පවත්වන සමුළු අතර තරුණ සමුළුවට විශේෂ තැනක් හිමි විය. ප‍්‍රධාන සම්මේලන තුනෙන් එකක් වන තරුණ සමුළුව ආරම්භ වූයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මෙම තරණ හමුව ලබන වර්ෂයේදී මෙරට පැවැත්වීමට නියමිත ලෝක තරුණ සමුළුවට යම් පූර්ව සූදානමක් ලෙසද භාවිතයට ගත හැකි වුවත් එය නිසි පරිදි අපගේ වාසිය සහ පහසුව උදෙසා යොදා ගත්තා දැයි ගැටලූ සහගතය. මෙවර තරුණ සමුළුවේදී විශේෂ කාරණා කිහිපයක් ඉටු වූ බව මනාව විද්‍යමාන විය. විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය පිහිටුවීම කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි. මෙම සම්මේලනය පිහිටුවීම හරහා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල තරුණ තරුණියන් හට අනාගතයේදී එකට එකතුව විශාල ක‍්‍රියාකාරකම්වලට එළැඹිය හැකිය. නමුත් ලෝක මට්ටමින් ගත් විට මෙවර පැවැත් වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේදී අත්‍යවශ්‍ය කාරණා පිළිබඳ සාකච්ඡුාවට බඳුන් වී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. විශේෂයෙන් රටවල් රැුසක මේ වනවිට කතාබහට ලක්වන ලිංගික වෙනස්කම් පිටුදැකීම යන මාතෘකාව පිළිබඳ අවධානයක් යොමු නොකළ බවට වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කළ තරුණ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳද ගැටලූ පවතියි. දෙස් විදෙස් තරුණ පිරිස් වෙනුවෙන් වේදිකාගත කරන ලද සංස්කෘතික ප‍්‍රසංගය පිළිබඳවද යමක් පැවසිය යුතුය. කුසලතා සහිත දරුවන් ඕනෑ තරම් සිටියදී තෝරා ගත් එක් පෞද්ගලික පාසලකින් පමණක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි කරවාගෙන මෙම සංස්කෘතික උත්සව පවත්වා තිබුණි. එය හුදු න්‍යායාත්මක ක‍්‍රියාවක් බව පැහැදිලිව දක්නට ලැබුණේ මෙම පෞද්ගලික පාසලද දේශපාලකයකුගේ ඍජු සම්බන්ධතාවක් පවතින නිසාය.කෙසේ වෙතත් මෙම සමුළුවේදී මාතෘකා අටක් පිළිබඳ පුළුල් වශයෙන් සාකච්ඡුාවට බඳුන් විය. මෙම මාතෘකා අට වන්නේ ‘තාරුණ්‍යයේ රැුකියා අවස්ථා ගුණාත්මක භාවයක් ඇති කිරීම, අධ්‍යාපනය අරමුණු උදෙසා ක‍්‍රියාත්මක වනවාද?, 2015 න්‍යාය පත‍්‍රය සඳහා තාරුණ්‍යය, යහපැවැත්ම සහ වර්ධනය, ප‍්‍රතිසන්ධානය සහ එකමුතුව, තාරුණ්‍යයේ ක‍්‍රියා වෘත්තිය භාවයකට පත්කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව, ලිංගිකත්වය සහ ප‍්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් යන මාතෘකා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට බඳුන් විය. මෙම තරුණ සම්මේලනය සඳහා දේශීය වශයෙන් තරුණ තරුණියන් 45ක් සහභාගි වී සිටි අතර විදෙස් රටවල් 53ක් නියෝජනය කරමින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේදී සිදු වූ සුවිශේෂීම කාර්ය ලෙස හැඳින්විය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය පිහිටුවීමයි. මෙහිදී මූලාසනය එනම් සභාපති ධුරය නයිජීරියාවේ අහමඞ් අඩමු වෙත හිමි විය. මෙම කවුන්සිලයේ සාමාජික සංඛ්‍යාව නවයක් වන අතර ඉන් හතර දෙනෙකුම ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම සුවිශේෂී කාරණයකි. මෙම සමුළුවේ උපසභාපතිවරු වශයෙන් මෙරට නියෝජනය කරමින් සදම් සාර්ජහන් සහ මොහොමඞ් හුසිනි තෝරා පත් කර ගන්නා ලදී. එමෙන්ම මෙම කවුන්සිලයේ ආසියානු කලාපය නියෝජනය කරනා විශේෂ නියෝජිතවරිය වශයෙන් තාරිකා දිලීපනි පත් කර ඇත. එමෙන්ම විශේෂ කැමැත්තක් සහිත කණ්ඩායම උදෙසා වත්සලා සමරකෝන් තෝරා පත් කරගෙන ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ඉදිරි වර්ෂ දෙකක කාලය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේ වැඩි බලතල අප රටට හිමිව ඇති බවයි. නමුත් ගැටලූව පවතින්නේ මෙම වරප‍්‍රසාද කුමන ආකාරයෙන් භාවිතයට ගනීද යන්න මතය. මෙම සමුළුව ලංකාවේ පැවැත්වීම හරහා මෙරට තරුණ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් රැුසකට නව අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීමද විශේෂත්වයකි. එය හුදු අත්දැකීමක් පමණක් බවට පත් කර නොගෙන අනාගතය සඳහා යහපත් ආකාරයට යොදා ගැනීමට ක‍්‍රියා කළ යුතු වීම ඔවුන්ගේ වගකීමකි.
